ලොව බලවත්ම ආර්ථිකයන් ඇති ලොව පාලනය කිරීමට තැත් කරන අධිරාජ්‍යවාදී රටවල් 7ක ආරාධනයෙන් පැවැති ජී7 සමුළුවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා බොරැල්ලේ අද (1) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘ජී7 සමුළුවේ රටවල් පවත්වන්නේ සාකච්ඡාව නියම සාකච්ඡාවයි. ඒ අතරතුර පවත්වන සාකච්ඡාවලදී පැන නගින ප්‍රශ්න සාකච්ඡා කිරීමටයි මෙරට ජනපතිට ආරාධනා කළේ. එය අප රටට මුදල් ආධාර ලබා ගැනීමට කළ සාකච්ඡාවක් නොවේ. ජපානයෙන් ලැබුණේ ආධාරයක් නොවේ. මෙරට ජනතාවට පොලී සහිතව ගෙවීමට ඇති ණයක්‘ යැයිද ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd