IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනමාධ්‍යවේදීන්ට කළ හිංසන ගැන පරීක්ෂණ කඩිනම් කරන්නැයි ඉල්ලා පෙත්සම්

(හසිත රංග ගුණතිලක)

 
ජනමාධ්‍යවේදීන් ඝාතනය, හිංසනය හා මාධ්‍ය ආයතනයන්ට එල්ල කරන ලද ප්‍රහාර සම්බන්ධයෙන් වන පරීක්ෂණ කඩිනම් කරන්නැයි ඉල්ලමින් ජනමාධ්‍ය සංවිධාන එකමුතුව ශ්‍රී ලංකා ජාතික පොලිස් කොමිෂන් සභාවට සහ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට පෙත්සම් දෙකක් අද(29) භාරදුන්නේය.
 
ශ්‍රී ලංකා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති පී. එච්. මනතුංග සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ ආරක්ෂක උපදේශක එස්. විකින්දාස් යන මහත්වරුන්ට එම පෙත්සම් භාරදෙන ලදී.
 
“වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ ජනමාධ්‍යෙව්දීන්ගේ ඝාතන සිදුවීම්වලට සම්බන්ධ වූ අපරාධකරුවන්ට දඬුවම් ලබාදෙන බව ප්‍රකාශ කරමිනුයි. නමුත් ආණ්ඩුව පත් වී වසර 04ක් ගතවුවත් එම අපරාධකරුවන්ට එරෙහි පරීක්ෂණවල කිසිදු ප්‍රගතියක් තවමත් ලැබී නැහැ” යි එම පෙත්සම් භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් මහතා පැවසීය.
 
එහිදී දුමින්ද සම්පත් මහතා මෙසේද කීය.
 
“ජනමාධ්‍යවේදීන් පැහරගෙන ගෙස් ඝාතනය කිරීම, මාධ්‍යආයතන ගිනි තැබීම, මාධ්‍ය ආයතනවලට පහරදීම වැනි සිදුවීම් 2015 වසරට පෙර මෙරට සුලභ සිදුවීමක් බවට පත්වුණා. අවසන් වරට පැවති ජනාධිපතිවරණයේත් මහමැතිවරණයේත් ප්‍රධාන සටන් පාඨය බවට පත්වූයේද ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් කඩිනමින් සාධාරණයක් ඉටු කරන බවයි.
 
නමුත් ගත වූ වසර හතර තුළ ඒ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා අපි තවම දුටුවේ නැහැ. මේ සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ආණ්ඩුවට විටින්විට අපි කියා සිටියා. ඒ කිසිවකටත් ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූයේ  නැහැ. එම නිසා මෙම අපරාධ පිළිබඳ පරීක්ෂණ කඩිනම් කිරීමට මැදිහත්වන ලෙස පොලිස් කොමිසමෙන් සහ එක්සත් ජාතීන්ගේ සන්ධානයේ කොළඹ කාර්යාලයෙන් අපි ඉල්ලා සිටියා” යැයිද හෙතෙම පැවසීය.       

                                    
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, දමිළ මාධ්‍ය සන්ධානය, මුස්ලිම් මාධ්‍ය සංසදය, අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය ව්‍යාපාරය යන සංවිධානවල නියෝජිතයෝ රැසක් මීට එක්වූහ.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)



අදහස් (0)

ජනමාධ්‍යවේදීන්ට කළ හිංසන ගැන පරීක්ෂණ කඩිනම් කරන්නැයි ඉල්ලා පෙත්සම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 90 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 885 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site