ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ  පසුගියදා ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නව විහාර මන්දිරය විවෘත කළාය.

විහාරාධිපති  පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ආරාධනාවෙන් ජනාධිපති ආර්යාව සමඟ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල  සහ  ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හඟවත්තද එම පින්කමට සහභාගී වුහ.

නව විහාර මන්ධිරයේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමද ජනපති ආර්යාව අතින් සිදුවිය.

පිංකම සඳහා පැරිස් නුවර ජේතවන විහාරාධිපති  මුරුන්ගස්යායේ ඥානිස්සර හිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී  මාපලගම ජිනානන්ද හිමි, මාපලගම වජිර හිමි සමඟ ශ්‍රී ලාංකික, ප්‍රංශ, වියට්නාම සහ ලාඕස ජාතික බෞද්ධයෝ බොහෝ පිරිසක් මේ පිංකමට සහභාගී වුහ.