(හැටන් රංජිත් රාජපක්ෂ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතා තාක්ෂණික ගැටළු උපයෝගි කරගෙන අධිකරණය හමුවේ පරාජය කිරීමට වඩා ජනතා අධිකරණයක් හමුවේ පරාජය කිරීම රටේ ජනතාවගේ අපෙක්ෂාව බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසූයේ ජාතික මහජන සභාව විසින් අද (05) හැටන් නගරයේ කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ චමිර පෙරේරා මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවිමට ඇමරිකාව සෘජුවම ඉදිරිපත් වී ඇති බවයි.
මෙරට ඇමරිකානු තනාධිපති කාර්යාලයේ නිලධාරීන් මේ වනවිටත් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට කටයුතු කරන ලෙස මෙරට වෘතීය සමිති නායකයින් මුණ ගැසී ඉල්ලිම් කරන බවද චමීර පෙරේරා මහතා පැවසීය.
ඇමෙරිකා විරෝධී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව මුනිවත රකින බවද චමීර පෙරේරා මහතා චෝදනා කර සිටියි.
අධිකරණය අද ස්වාධීන වි ඇති බව විපක්ෂය පිළිගන්නා බවත්, 2015 වසරේ ලද ජයග්‍රහණය අධිකරණය ස්වාධීන කරවිමට හේතුව වි ඇති බවත්, අද රාජ්‍ය මාධ්‍යයද ස්වාධින වි ඇති බවත් මේ මාධ්‍යය හමුවේදි චමීර පෙරේරා මහතා වැඩි දුරටත් කියා සිටියේය.

COMMENTS
ජනතා අපේක්ෂාවන් ඉටු කළ හැකි පාලනයක් බිහි නොවේනම් ගෝටා ඡන්දෙන් විතරක් පරාද කරලා වැඩක් තියෙනවද? 2015 රාජපක්ෂ පාලනය ගෙදර යවපු හැට දෙලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාවන් සිරිසෙන් රනිල් යුගලය පාවා දුන්නා. ඔවුන්ගේ පන්තිය ආරක්ෂා කළා. නැවත එසේ නොවීමටනම් විකල්ප ජන බලයක් දිනවිය යුතුමයි. මෙවර ඔබගේ සහයෝගය අනුර කුමාර දිසානායක සහෝදරයා දිනවීමට ලබා දෙන්න
කවුද මේ චමීර
ගෝඨා පරාද කරන එක කෙසේ වෙතත් මෙදාපාර ජනාධිපතිවරනෙට ඇවිත් ඉන්න හැට හුටාමාරක් රාජ්‍ය නොවන සංවිධානවල ටික පරාද කරන්නම මිනිස්සු ගෝඨාට ඡන්දය දේවි. දැන් බුද්ධිමත් මිනිස්සු ටිකක් මේ රටේ ඇතිවෙමින් යනවා. ඔවුන් ඉන්න පැත්ත පැහැදිලිවෙලා ඉවරයි.