(දිලීප් ජයසේකර)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අදියර හතරෙහි සේවයේ නියුතු කම්කරුවන්ට මාස 2ක් තිස්සේ වැටුප් නොගෙවීමට විරෝධය පළකරමින් කම්කරුවෝ පිරිසක් මත්තල පිහිටි චයිනා හාබර් චීන ඉදිකිරීම් සමාගමේ ප්‍රධාන කාර්යාලයේ ගේට්ටුව අවහිර කරමින් අද (24) දහවල් විරෝධතාවයක නිරත වූහ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්දරවැව සිට හම්බන්තොට මත්තල දක්වා වු අදියර හතර කොටසෙහි සේවයේ නියුතු කම්කරුවෝ පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරතව සිටිති.
විරෝධතාවයේ නිරත කම්කරුවන් පවසන්නේ මාස දෙකක් තිස්සේ තමන්ට හිමි වැටුප් අදාළ කොන්ත්‍රාත් සමාගම විසින් මෙතෙක් ලබාදී නොමැති බවත්, වැටුප් ලබාදෙන දිනයක් පිළිබඳව විමසුවත් ඊට ද නිසි පිළිතුරක් වගකිවයුතු පාර්ශව ලබා නොදෙන බවත්ය.
මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ දෛනික වැටුපකට වැඩ කළ තමන්ට මෙතෙක් වැටුප් නොලැබීම නිසා තමන් දැඩි අසරණ තත්වයකට පත්ව ඇති බවත් ඒ නිසා තමන්ට හිමි වැටුප් ඉල්ලා මෙලෙස විරෝධතාවයේ නිරත වන බවත් කම්කරුවෝ පවසති.


2025 දෙසැම්බර් මස 30
98
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
364
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
චීන ඉදිකිරීම් සමාගම ඉදිරිපිට කම්කරුවෝ විරෝධතාවයක