IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


චන්ද්‍රසිරි ගජධීරගේ අවසන් කටයුතු මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී

(ක්‍රිෂාන්ජීවක ජයරුක්)

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති හා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අවසන් කටයුතු අද (09) සවස මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී සිදුකෙරිණි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,දේශපාලඥයින්,නීතිඥයින්,පවුලේ ඥාතීන්ඇතුළු විශාල පිරිසක් අවමංගල්‍ය උත්සව අවස්ථාවට සහභාගී වූහ.

චන්ද්‍රසිරි ගජධීර මහතාගේ දේහය රැගත් පෙරහැර පරමුල්ල නිවසේ සිට ගාලු පාර ඔස්සේ සවස 4.00 පමණ වන විට මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයට ලඟාවිය.

මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පරදුව ජිනරතන,හිටපු දකුණු පලාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත,මාතර ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී බද්දේගම කුසල,පුරාණ මන්ත්‍රී දාරාමාධිපති විටියල කුසුම්සිරි,කිරින්ද පූර්වාරාමාධිපති අපරැක්කේ හිමරතන,දකුණු පළාතේ ප්‍රධාන සංඝ නායක අංගුන්න බදුල්ලේ ඥානදස්සී,විටියල පබ්බතාරාමාධිකාරී අතුරලියේ ඉන්ද්‍රජෝති යන නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය පළමුව ආගමික වතාවත් සිදු කර මතක වස්ත්‍ර පූජාව පවත්වා පැවිදි අනුශාසනාවන් සිදු කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශ්‍රීලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී.ව්.ගුණසේකර,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන,හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන මහත්වරු චන්ද්‍රසිරි ගජදීර මහතා පිළිබඳව ගුණ කථනයන් සිදු කළහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එවන ලද ශෝක පණිවුඩය දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී.ද සොයිසා මහතා විසින් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවන ලද ශෝක පණිවුඩය මාතර මහ දිසාපති ප්‍රදීප් රත්නායක මහතා විසින් ද ඉදිරිපත් කළහ.



අදහස් (0)

චන්ද්‍රසිරි ගජධීරගේ අවසන් කටයුතු මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site