IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


චූදිත නිලධාරියා යළි සේවයේ පිහිටුවීම ගැන විගණන අධිකාරී සභාපතිට ලියයි

(උපාලි ආනන්ද)

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටු නිර්දේශයක් මත පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරයා  විසින් දූෂණ චෝදනාවකට වැඩ තහනමට ලක් කරනු ලැබ සිටි උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු යළි සේවයේ පිහිටුවීම නීතියට පටහැනි බව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විගණන විමසුමකදී අනාවරණය වී ඇති බව  අනුරාධපුර විගණන අධිකාරිවරයා  විසින් උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකරියේ සභාපතිවරයාට දැනුම් දී තිබේ.

මෙලෙස නීතියට පටහැනිව යළි සේවයේ පිහිටුවා ඇත්තේ අනුරාධපුර අරිප්පු මාර්ගය සහ මැදවච්චිය ඇටඹගස්කඩ මාර්ගය  කාපට් අතුරා අලුත් වැඩියා කිරීමේදී රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතාවක්  සිදු කිරීමේ චෝදනාවනට වැඩ තහනමට ලක්ව සිටි උතුරු මැද පළාත්  මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකි.

පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට යොමු කර ඇති අදාල විගණන විමසුම් වාර්තාවේ තවදුරටත් මෙසේ සඳහන්ය. තමා යළි සේවයේ පිහිටුවන  ලෙස ඉල්ලමින් උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩ තහනමට ලක්ව සිටි නිලධාරියා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය සලකා බැලීමට පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුව ලබා දුන් නිර්දේශය ප්‍රධාන ලේකම්වරයාට දැනුම් දුන් පසුව  පළාත් ප්‍රධාන  අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් අදාළ නිලධාරියා යළි සේවයේ පිහිටවනු ලැබ ඇත. එසේ වුවත් මෙම ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ලවෙමින් තිබේ.

මෙම විගණන විමසුමේ පිටපත් පළාත් ආණ්ඩුකාරවරයාට සහ පළාත් ප්‍රධාන ලේකම්වරයාට ද යොමු කර ඇත.



අදහස් (0)

චූදිත නිලධාරියා යළි සේවයේ පිහිටුවීම ගැන විගණන අධිකාරී සභාපතිට ලියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 599 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 510 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site