IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඝාතනයක සැකකරුවන්ට පලායාමට උපකාර කළ අයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
නුගේගොඩ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවන්ට පලායාමට ආධාර අනුබල ලබාදුන් කෝට්ටේ නගර සභාවේ රියදුරකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
 
ඝාතනයට පැමිණි සැකකරුවන් පැළඳ සිටි බව කියන ආරක්ෂක හිස් වැසුම් දෙක සැකකාර රියැදුරුගේ නිවස ඉදිරිපිට කොම්පෝස්ට් බදුනක සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
 
වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා යතුරුපැදිය දෙල්කද ප්‍රදේශයේ අතුරු මාර්ගයක සඟවා ආරක්ෂක හිස් වැසුම් දෙක සැකකාර රියදුරුට දී එය සඟවා තබන ලෙස පවසා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අනතුරුව  ත්‍රිරෝද රථයක් ගෙන්වාගෙන අත්තිඩිය දක්වා ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
 
එම පුද්ගලයන් අතර සංවිධානාත්මක අපරාධකරුවකු වූ හතේ කණුවේ බබී නමැත්තාද සිට ඇතැයි පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් නගරසභා රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ඝාතනයක සැකකරුවන්ට පලායාමට උපකාර කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site