( ප්‍රියානි මංගලිකා )
ගස්ලබු වගාවක මුවා වෙන් ගංජා වගා කරමින් ජාවාරමේ යෙදුන සැකකරුවෙකු අඩි පහක් උස විශාල ගංජා ගස් දෙකක් සමග නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ දී අද (16)දහවල් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
නිකවැරටිය පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණ තොරතුරක් මත ,නිකවැරටිය කොට්ඨාස දූෂණ මර්දන අංශ ස්ථානාධිපති ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදු කෙරිණි.
එම ප්‍රදේශයේ පදිංචි 28වියැති සැකකරු මෙලෙස ගංජා වගා කර දිගු කලක් තිස්සේ ගංජා අලෙවිකිරිමේ ජාවාරමේ නිරත වී ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
සැකකරු නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ තොටේ තිබෙන විෂ මත් වලට වඩා කංසා හොද නැද්ද ?