(දයාරත්න ඇඹෝගම)
විජිතපුර විහාරස්ථානය අසළ පිහිටි මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී මාර ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇත.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ ඉපලෝගම පොලිසියට අනුයුක්තව සේවය කරන කේ.අජන්ත නැමැති පොලිස් කොස්තාපල්වරයෙකි.
කොස්තාපල්වරයා විජිතපුර විහාරස්ථානය අසළ මාර්ග බාධකයේ සේවය කරමින් සිටියදි බැකෝ යන්ත්‍රයක් පටවා ගෙන පැමිණි ලොරි රථයේ මාර්ගය ආසන්නයේ තිබු මාරා ගසක අත්තක ගැටී එම අත්ත ඔහුගේ හිස මත පතිතවී ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලැබු කොස්තාපල්වරයා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් ගැවසෙන පොදු ස්ථාන වල අනාරක්ෂිත ගස් වල අතු කපා දැමිය හෝ ගස කපා දැමීම කල යුතුයි. පොදු ස්ථාන වල අදාල පළාත්පාලන ආයතන විසින්ද, පෞද්ගලික ස්ථාන වල එහි හිමිකරු විසින්ද එය කල යුතුය. හිමිකරු එය නොකරන්නේ නම් අදාල පළාත්පාලන ආයතනය විසින් එය සිදුකර වියදම අය කර ගත යුතුය. ඒ සඳහා ප්‍රතිපාදන පළාත්පාලන පනතේ හෝ සභා සම්මත අතුරු ව්‍යවස්තාවල ඇත.