IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගව ඝාතනයට බලපත්‍ර දීම ගැන පොහොට්ටුවේ මන්ත්‍රී කතා කරද්දී එජාප මන්ත්‍රීවරු සභාවෙන් පිටව යති

(මොහොමඩ් ආසික්)
 
මුස්ලිම් බැතිමතුන්ගේ හජ් උත්සවය වෙනුවෙන් තාවකාලිකව ගව ඝාතනය සඳහා බලපත්‍ර ලබා දීම ගැන හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී  විජිත කුමාර නඳුන්ගේ මහතා කතා කරමින් සිටින අතර තුර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් පිරිසක් සභාවෙන් පිටත්ව ගියහ.
 

හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) මාසික මහ සභා රැස්වීම ආරම්භ වූ අතර එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් පත්ව සිටින ජාතික හෙළ උරුමය නියෝජනය කරන මන්ත්‍රී ධනුෂ්ක මල්වැව මහතා මේ ඇසළ පෙරහැර පැවැත්වෙන සමයේ මහනුවර නගරය තුළ ගව ඝාතනය තහනම් කර ඇති නිසාත් හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මහනුවර නගර සීමාවේ පිහිටා තිබීම නිසාත් හාරිස්පත්තුවට ගව ඝාතනාගාරයක් නොමැති වීම නිසාත් ගව ඝාතනයට අවසර ලබා නොදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබීය.
 
 
කෙසේ නමුත්  මේ සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය පැහැදිලි කළ සභාපති ආනන්ද ජයවිලාල් මහතා කියා සිටියේ පනත අනුව මෙවන් ඉල්ලීම්වලදී තාවකාලික බලපත් ලබා දීමට සිදු වන බැවින්  එය තනර කිරීමට හැකියාවක් නැති බවයි.
 
කෙසේ නමුත් සභාපතිවරයා  පෞද්ගලික අවශ්‍යතාවයක් මත මූලාසනයෙන් ඉවත්ව යාමෙන් පසුව උප සභාපති විජේසේකර මැදගෙදර මහතා මූලාසනයට පැමිණි අතර සභාව තව දුරටත් පැවැත්විණ.
 
මෙහිදී ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තේරී පත්ව  සිටින විජිත කුමාර  නඳුන්ගේ මහතා කියා සිටියේ මහනුවර  ඇසළ පෙරහැර පැවැත්වෙන මෙවන් අවස්ථාවක ගව ඝාතනය සඳහා බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් නොකළ බව කියමින් දිගින් දිගටම කතා කිරීම නිසා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විපක්ෂ නායක චන්න ලියනගේ,  තිලක් රණසිංහ යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන්   සහ මන්ත්‍රීවරියන්   පිරිසක් සභාවෙන් පිටව ගිය අතර ඉන් පසුවත් සභාවේ රැඳී සිටි එක්සත් ජාතික පක්ෂයේ  ලලිත් රණරාජා මහතා  මුලාසනයේ සිටි  වැඩ බලන සභාපතිවරයාට දන්වා  සභාවෙන් පිටව ගිය අතර එජාපය නියෝජනය කරන මන්ත්‍රීවරියන් දෙදෙනාද සභාවෙන් පිටව ගියහ.
 
කෙසේ නමුත්  ජාතික හෙළ උරුමය නියෝජනය කරන එජාපයෙන් පත්ව සිටින ධනුෂ්ක මල්වැව මහතා සභාව අවසන් වන තුරුම සභාවේ රැදී සිටියේය.



අදහස් (0)

ගව ඝාතනයට බලපත්‍ර දීම ගැන පොහොට්ටුවේ මන්ත්‍රී කතා කරද්දී එජාප මන්ත්‍රීවරු සභාවෙන් පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site