IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගවයින් හොරෙන් ප්‍රවාහනය කළ අයෙක් ගම්පොළදී අත්අඩංගුවට

(රංජිත්රාජපක්ෂ)                     

හැටන් වැලිඔය වත්තේ සිට ගම්පොළ දක්වා බලපත්‍රයක් නොමැතිව ලොරි රථයකින් හිංසාකාරි ලෙස මස් පිණිස ගවයන් තිදෙනෙකු ප්‍රවාහනය කළ සැකකරුවෙකු ලොරි රථය සමග හැටන් කොට්ඨස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් (21) දින අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

 හැටන් වැලිඔය ප්‍රදේශයට පිටතින් රැගෙන එන ගවයන් බලපත්‍රයක් නොමැතිව රාත්‍රි කාලයේ ප්‍රවාහනය කරන බවට ළද තොරතුරක් මත හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් හැටන් වැලිඔය ප්‍රධාන මාර්ගයේදි අද (21) අලුයම 3 ට පමණ මෙහෙයුමක් සැකකරුව අත්අඩංගුවට ගැනිමට සමත් වි ඇත.

ධාවනය වෙමින් තිබු ලොරි රථය හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් නතර කරන අවස්තාවේ ජාවාරමේ  ප්‍රධාන සැකකරු පලා ගිය බවත්, සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා මේ වන විට මෙහෙයුමක් දියත් කර ඇති බවයි වැටලිම සිදු කල පොලිස් නිලධාරින් කියා සිටියේ.
 
ලොරි රථයේ ප්‍රවාහනය කරමින් සිටි ගවයන් තිදෙනෙකුගෙන් එක් ගවයෙකුගේ පාදයක් කඩා තුවාල සිදු කර ඇති බවත්, අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වැටලිම සිදු කළ  හැටන් කොට්ඨාස  දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් පැවසිය.



අදහස් (0)

ගවයින් හොරෙන් ප්‍රවාහනය කළ අයෙක් ගම්පොළදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site