(දයාරත්න ඇඹෝගම)
කැබිතිගොල්ලෑව පහළඋස්ගොල්ලෑව අතුරු මාර්ගයේ යතුරු පැදියකින් යමින් සිටියදී ගවයෙකුගේ ශරීරයේ ගැටී බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද(06)දින අලුයම මිය ගිය බව කැබිතිගොල්ලෑව පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ පහළ උස්ගොල්ලෑව, කැබිතිගොල්ලෑව පදිංචිව සිටි ජීවන් ජයතිලක නැමති 35 හැවිරිදි ගොවියෙකි.
මියගිය පුද්ගලයා පසුගිය තුන්වැනිදා කැබිතිගොල්ලැවේ සිට සිය නිවස පිහිටි උස්ගොල්ලෑවට යමින් සිටියදී ගවයෙකුගේ ශරීරයේ ගැටී බරපතල තුවාල ලබා කැබිතිගොල්ලෑව රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලටත් ඇතුළත් කර තිබුණි.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම පුද්ගලයා අද(06) මිය ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd