(ක.ග.කරුණාරත්න)
දෙහිඅත්තකණ්ඩිය මුවපැටිකේවෙළ රක්‍ෂිතයේ ද නීතිවිරෝධී ලෙස ගවයකු මරා මස් කිලෝ 50 ක තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෝ දෙදෙනෙක් අද (1) අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධාරීහු පවසති.
තවත් සැකකරුවන් දෙදෙනෙකු පලා ගිය බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙන බවත් නිලධාරීහු කීහ.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය, කුඩාගල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙළි වී ඇත.
මාදුරුඔය වනජීවි කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd