(මොහොමඩ් ආසික්)
මාතලේ ප්‍රදේශයේ සිට අකුරණ ප්‍රදේශයට අනාරක්ෂිතව කුඩා ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ ගව මස් කිලෝ 500 ක් අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය පවසයි.
පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මහනුවර මාතලේ මාර්ගයේ අලවතුගොඩ ප්‍රදේශයේ රැඳි සිටි පොලිස් නිළධාරින් මෙම ලොරි රථය අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර එම ගව මස් තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙකු ද අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
ගව මස් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ගවමස් අද (1) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd