(බුද්ධික කුමාරසිරි)
කොස්ගම සත්ත්ව ගොවිපොළකට අද ( 31) අලුයම අනවසරයෙන් ඇතුළු වූ අයකුට එම ගොවිපළේ ආරක්ෂක නිලධාරියකු වෙඩි තැබීම හේතුවෙන් එම පුද්ගලයා මිය ගොස් ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.
රෙදි කඩකින් මුහුණ ආවරණය වන සේ බැඳ සූකර කොටුව දෙසින් අලුයම ගොවිපොළට ඇතුළු වූ බව කියන මිය ගිය පුද්ගලයාට නතර වන ලෙස කිහිපවරක් දැනුම් දුන්නද දිව යාමට තැත් කළ අවස්ථාවේදී ආරක්ෂක නිලධාරියා විසින් වෙඩි තබනු ලැබ ඇතැයි සිදු කළ මූලික විමර්ශනවලදි අනාවරණය වූ බව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කොස්ගම දුම්රියපොළ ආසන්නයේ පදිංචිව සිටි ජේ .ඩී. ගයාන් බුද්ධික (32) නමැති දෙදරු පියෙකි.
මිය ගිය පුද්ගලයාට වෙඩි තැබූ බව කියන සත්වගොවිපලෙහි ආරක්ෂක නිලධාරියා කොස්ගම පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරෙකුට දෙන්න තියන නියම දඬුවම දීලා, උණ්ඩයට වඩා වේගයෙන් දුවන්න හදන්න ඇති