(ටී.කේ.ජී.කපිල)
ඩුබායි සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් යුවළක් අද (4) අලුයම කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොවුන් කල්මුණේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෝ වෙති. එයින් කාන්තාව 45 හැවිරිදි වන අතර පිරිමි පුද්ගලයා 40 හැවිරිදි වියේ පසුවන්නෙකි.
දුම්වැටි 53,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 266 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒවායේ වටිනාකම රුපියල් 26,60,000 ක් බව රේගුව පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd