IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගංවතුරින් හලාවත මයික්කුලම වැසියෝ පීඩාවට

(ඔගස්ටින් ප්‍රනාන්දු)

හලාවත, මයික්කුලම ප්‍රදේශයට පසුගිය දින දෙකක පමණ කාලයක ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ අද (18) අලුයම් කාලයේ සිට හදිසි ගංවතුර තත්වයක් උද්ගතව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මේ හේතුවෙන් නිවාස 500කට වැඩි සංඛ්‍යාවක ජනයා පීඩාවට පත්ව සිටින බවද ඔවුහු කියති.

මයික්කුලම ප්‍රදේශයේ අසරප්පා වත්ත, වුඩ්ලන්ඩ් වත්ත, මාවි කොටුව, යුනියන් පෙදෙස, පනන්කුඩාව, කොට්ටමුරිච්චාන යන ප්‍රදේශවලට මෙම ගංවතුර තත්වය බලපා ඇත.

පනන්කුඩාව වැව පිරටා ගැලීම නිසා මෙම තත්ත්වය උදාවි ඇති බව කියනු ලබන නමුත් වැව් බැම්මේ සිදුව ඇති හානියක් නිසා වැවේ ජලය පිටර ගන බවත් කියති. එම ප්‍රදේශයේ සියලු මාර්ග, නිවාස ජලයෙන් යටවී ඇති අතර, ජනයා වැලිකොට්ට යොදාගනිමින් ඒ සඳහා බාධක යොදාගෙන ඇත.

ජලය ගලායන මාර්ග අවහිර කරමින් බෝක්කු සහ තාප්ප සකසා ඇති බැවින්, වැසි ජලය නිසි ලෙස ගලානොයන බවද ඔවුහු කියති. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නයිද ඔවුහු ඉල්ලා සිටිති.

පනන්කුඩාව වැව් බැම්මට හානි සිදුව නැති බවද, මේ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා බවද, ආපදා කළමනාකරණ ඒකකයේ පුත්තලම සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා කියාසිටියේය.



අදහස් (0)

ගංවතුරින් හලාවත මයික්කුලම වැසියෝ පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site