( රොමේෂ් මධුෂංඛ)
වවුනියාව පූන්තොට්ටම් ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි දැවන්ත හැල කිඹුලෙකු ඇල්ලු වව්නියාව වනජීවි නිලධාරීන් අද (26) උදෑසන එම කිඹුලා රක්ෂිතයකට මුදා හැරීමට පියවර ගත්තේය.
පූන්තොට්ටම් ප්‍රදේශයෙ පිහිටි වැව් සිඳී යාම හේතුවෙන් ජලය හා ආහාර සොයා අද අලුයම් කාලයේ පැමිණ ඇති මෙම හැල කිඹුලා ප්‍රදේශවාසීන් විසින් දැක අල්ලා ඒ බව වව්නියාව වනජීවි නිලධාරීන්ට දැනුම් දී ඇත.
වව්නියාව වනජීවි නිලධාරීන් විසින් එම ස්ථානයට ගොස් හැල කිඹුලා රැගෙන ගොස් වව්නියාවේ පිහිටි රක්ෂිතයකට මුදා හැරීමට පියවර ගෙන ඇති අතර එම හැල කිඹුලා දිගින් අඩි 8ක් පමණ වන බව ද වව්නියාව වනජීවි නිලධාරීහු කියා සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd