(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
අධික වැසි තත්වය හේතුවෙන් අද(25) වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 289ක, පවුල් 4066ක, පුද්ගලයින් 15,865දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ මේජර් ඉන්දුක වික‍්‍රමසිංහ මහතා පැවසීය.
මෙයින් අවතැන්වූ පවුල් 62 ක සාමාජිකයින් 177 දෙනෙකු වෙනුවෙන් සුරක්ෂා මධ්‍යස්ථාන 3 ක් පවත්වාගෙන යන බවද සහකාර අධ්‍යක්ෂකවරයා කීය.
ගාල්ල කඩවත් සතර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පියදිගම ග‍්‍රාම නිලධාරි වසමේ සුධර්මාරාම විහාරස්ථානයේ, මිලිද්දුව ග‍්‍රාම නිලධාරි වසමේ සුදර්ශනාරාම විහාරස්ථානයේ සුරක්ෂා මධ්‍යස්ථානයේ සහ බද්දෙගම කොකාවල සිරි සදහම් විහාරයේ මෙම සුරක්ෂා මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි. මෙ මගින් අවතැන් වූ ජනතාවට ආහාර, ඉ`දුම් හිටුම් සහ සනීපාරක්ෂක පහසුකම් යනාදිය සලසා ඇති බව සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.
මේ වනවිට ගිං ගගේ බද්දෙගම ජල මාපකයේ ජල මට්ටම 4.84 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙය සුළු ගංවතුර තත්වයක් ඇතිවීමේ ප‍්‍රවනතාවක් බවත් තවලම ජල මාපකයේ අගය 3.29 ක් බවද එය සාමාන්‍ය තත්වයක් බවද එ මහතාපැවසීය.
ගාල්ල දිස්ත‍්‍රික්කයට මේ වනවිටත් තද වැසි වැටෙමින් පවතී.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාල්ලේ 15,865ක් පීඩාවට