(ජේ.කේ.එල්චාමින්ද)
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසික ප්‍රථිකාර ලබමින් සිටි බන්ධනාගාර රැදවියකු අද (18) පස්වරුවේ රෝහලින් පැන ගොස් ඇති බැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
මෙකි බන්ධනාගාර රැදවියා ගාල්ල බන්ධනාගාරයේ සිට ප්‍රථිකාර සදහා කරාපිටිය රෝහලට මිට දින දෙකකට පමණ ඉහතදි රැගෙනවිත් තිබුණි.
බන්ධනාගාර රැදවියා රෝහලේ 16 වාට්ටුවේ බන්ධනාගාර නියාමකවරයකුගේ ආරක්ෂාව යටතේ ප්‍රථිකාර ලබමින් සිට ඇත. බන්ධනාගාර රැදවියකු ලෙස ඔහු ඉල්ලා තිබේ.
මාංචු ඉවත් කිරිමත් සමග මොහු රෝහලින් පැන ගොස් ඇති බව පොලිසිය කියයි.. ආරක්ෂාවට සිටි බන්ධනාගාර නියාමකවරයාද මෙකි රැදිවිය පසුපස දිව ගොස් ඇතත් ඔහු අල්ලා ගැනිමට නොහැකිවි ඇත.
ගංජා ළග තබා ගැනිම සම්බන්දයෙන් මොහු බන්ධනාගාරගතව සිටි අයෙකු බවද පොලිසිය පවසයි. පැනගිය රැදවියා අල්ලා ගැනිම සදහා බන්ධනාගාර නිලධාරින් එක්ව විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd