(ඩී.ජී.සුගතපාල)
ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයට විසඳුමක් ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරුවල කෙටි කාලින බෝග වගා කිරීමට ඉල්ලා ඇති පුද්ගලයින්ට එම පුරන් කුඹුරු ලබා දීමට තිරණය කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
මෙහි පළමු අදියර යටතේ පර්චස් දහයේ සිට අක්කරය දක්වා වූ බිම් ප්‍රමාණයන් එළවලු , පලා වර්ග , කිරිඅල , මිරිස් ආදි කෙටි කාලින බෝග වගා කිරීමට ලබාදෙන බවද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
මේ අතර නියං තත්වයට ඔරොත්තුදෙන බෝග වගා වැඩ සටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 400ක කිරි අල , මඤ්ඤොක්කා , වැල් අල සහ බතල වගා කිරීමට දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd