සිරංගිකා ලොකුකරවිට
ගාල්ල නගරයේ පානීය ජල සැපයුම් පද්ධතියේ මඩ මිශ්‍රිත ජලය පැමිණීම හේතුවෙන් හදිසියේම අත්හිටුවීමට සිදුවූ පානීය ජල සැපයුම අද රාත්‍රී 10.00 සාමාන්‍ය තත්ත්වයට පත්කළ හැකිබව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ගාල්ල කලාප කළමනාකරු එම්.කේ.ලෙස්ටි මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ වක්වැල්ල ජල පිරිපහදුවේ සිට ගාල්ල බීක්කේ ජල ටැංකියට ජලය ගෙන යන නල තුනකින් එක් නලයකට මඩ මිශ්‍රවීම හේතුවෙන් බීක්කේ ටැංකියට මඩ පිරී තිබූ බවයි. ඒවා බෙදාහැරීමේ නල මාර්ග ඔස්සේ ගමන් කිරීමෙන් කරාමවලින් ගන්නා ජලයට ද මඩ මිශ්‍රවී තිබී ඇත.
ඒබැවින් අද උදැසන සිට බීක්ක ටැංකියේ මඩ ඉවත්කර සෝදා පිරිසිදු කළ බවත් එම ටැංකියට ජල පිරිපහදුවේ සිට ජලය රැගෙන එන මඩ මිශ්‍රවී තිබූ නලය සෝදා පිරිසිදු කළ බවත් ඔහු පැවැසීය. මේ වනවිට අනෙක් නල දෙකෙන් බීක්කේ ටැංකියට ජලය පුරවමින් තිබෙන අතර රාත්‍රී 10.00න් පසු නගරයට පානීය ජලය ලබාගත හැකිවන බවද හෙතෙම කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ කරාපිටිය ශික්ෂණ රෝහලට වෙනත් නල මාර්ගයක් ඔස්සේ ජලය අඛණ්ඩව ලබාදුන් බවයි. තවද ජලය ලබාගැනීමට පැමිණෙන බවුසර් සඳහා ද වක්වැල්ල ජල පිරිපහදුවෙන් නොමිලයේ ම ජලය ලබාදුන් බව ද හෙතෙම පැවසීය.
2025 දෙසැම්බර් මස 04
96
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
359
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
372
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාල්ලේ ජල සැපයුම යථා තත්ත්වයට