IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගාල්ල-අකුරැස්ස මාර්ගයේ සිදුවූ අනතුරකින් 6 ක් රෝහලේ

(ජේ.කේ.එල් චාමින්ද)

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයින් හය දෙනෙකු අද (02) ගාල්ල කරාපිටිය රෝහලට සහ ඉමදූව රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.

වෑන් රථයක් , ත්‍රී රෝද රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කීය.

ගාල්ල දෙස සිට පැමිණි වෑන් රථය අකුරැස්ස දෙසින් පැමිණි ත්‍රී රෝද රථයේ ගැටී ඇති අතර පසුව විසි වී ගිය ත්‍රී රෝද රථය පිටුපසින් පැමිණි යතුරු පැදියේ ද ගැටී තිබේ.

යතුරු පැදිකරුගේ තත්ත්වය බරපතල නොවන අතර ත්‍රී රෝද රථයේ පැමිණි පිරිස තුවාල ලබා ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ දී ත්‍රීරෝද රථය තුළ සිටි වයස අවුරුදු 04 ක පමණ දරුවෙකු සුළු තුවාල ලබා තිබේ.

ත්‍රී රෝද රථයේ සිව් දෙනෙකු පැමිණ ඇති අතර ඔවුන් සිව් දෙනාම මෙම අනතුරින් තුවාල ලබා ඇත. වෑන් රථයේ රියදුරු සහ යතුරු පැදිකරු මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

රෝහල් ගත කරන ලද තුවාලකරුවන් ගෙන් ත්‍රී රෝද රථයේ පැමිණි කාන්තවකගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (0)

ගාල්ල-අකුරැස්ස මාර්ගයේ සිදුවූ අනතුරකින් 6 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site