IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගාල්ලෙන් පැමිණිලි 185 ක්

(ජේ.කේ.එල් චාමින්ද)

ජනාධිපතිවරණය සම්බන්දව මැතිවරණ පැමිණිලි 185 ඔක්තෝබර් 1 වැනිදා සිට මෙම මස 12 වැනිදා දක්වා අතර කාලය තුළ ලැබී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය  පවසයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් 166 ක්, ප්‍රචණ්ඩ ක්‍රියා 3 ක් හා වෙනත් පැමිණිලි 16 ක් ලැබී ඇති බවද මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

ලැබී ඇති පැමිණිලි වලින් 28ක් අසභ්‍ය පැමිණිලි බවට අනාවරණය වී ඇති බවද  එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

මින් වැඩිම මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ගාල්ල පොලිස් බල ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 34ක් බවද මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ කාර්යාලවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය ප්‍රදර්ශනය කිරිම,  සම්බන්ධව  වැඩි වශයෙන් පැමිණිලි ලැබි ඇති බව මෙම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මීට අමතරව මැතිවරණ කාර්යාලවල පෝස්ටර් හා කටවුට් ඉරා දැමිම සම්බන්ධව පැමිණිලි ලැබී ඇති බවද මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 



අදහස් (0)

ගාල්ලෙන් පැමිණිලි 185 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site