
( දයාරත්න ඇඹෝගම)
තහනමට ලක්කර ඇති ග්ල්යිපොසෙට් ඇතුළු කෘෂි රසායන තොගයක් නීති විරෝධි ලෙස අලෙවි කළ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු තඹුත්තේගම නගරයේදී අද (27) අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
වකුගඩු රෝගය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලෙවි කළ නොහැකි ග්ල්යිපොසෙට් ඇතුළු නීති විරෝධී කෘෂි රසායන වර්ග පහක් අඩංගු පැකට් 250 ක් මෙහිදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරින් ගෙන් ලද තොරතුරකට අනුව අනුරාධපුර පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර තිබුණි.
මෙම ගල්යිපොසෙට් ඇතුළු කෘෂි රසායන ඉන්දියාවේ සිට හොර රහසේ මෙරටට ගෙන්වා අලෙවි කරන බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වූ බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ කෘෂි රසායනඅඩංගු පැකට් තොගය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තඹුත්තෙගම පොලිසියට භාර දීමට අනුරාධපුර පොලිසියේ දූෂණ මර්දන එකකයේ නිලධාරීන් කටයුතු කර ඇත.
සැකකරුවන් දෙදෙනා හෙට (28) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ග්ල්යිපොසෙට් තොගයක් සමඟ දෙදෙනෙක් පොලිස් දැලේ