(අනීෂා මානගේ)
ගුරුවරු සිරගත කිරීම වළක්වන ලෙස ඉල්ලා අද (14) තංගල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි.
මෙම විරෝධතාව ලංකා ගුරු සේවා සංගමය විසින් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා තංගල්ල අධ්‍යාපන කලාපයේ විද්‍යාල වල ගුරුවරු දෙසීයක පමණ පිරිසක් සහභාගී වූහ.
තංගල්ල බස්නැවතුම්පළ ඉදිරිපිටදී විරෝධතා පුවරු අතැතිව සටන් පාඨ කියමින් ගුරුවරු විරෝධතාවයේ නිරත වූහ.
මෙම විරෝධතාව හේතුවෙන් තංගල්ල නගරයේ සුළු රථවාහන තදබදයක්ද ඇති විය. මෙය පැය බාගයක පමණ කාලයක් පැවැතිණි.
සිසු දරුවන්ගේ විනය රකින ගුරුවරු ආරක්ෂා කරන ලෙසත් බොරු චෝදනා එල්ලකර ගුරුවරු සිරගත කිරීම වළක්වන ලෙසත් විරෝධතාකරුවෝ රජයෙන් ඉල්ලා සිටියහ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.