IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගුරුවරියක් සමූහ දූෂණය කළ සිද්ධියක එක් සැකකරුවෙක් අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)

අක්මිමණ ඉහලගොඩ ප්‍රදේශයේදී පනස් පස් හැවිරිදි ගුරුවරියක් සමූහ දූෂණය කොට රන් ආභරණ සහ මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු මිදිගම කලපුව ප්‍රදේශයේ සැඟව සිටියදි අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි
 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මිදිගම කලපුව පදිංචි යුද හමුදාවේ ගැමුණු හේවා බල ඇණියේ හිටපු සෙලෙකුවන 30 හැවිරිදි එක්දරු පියෙකි.
 
ගුරුවරිය ඇයගේ  නිවසේ කොටසක් කුලියට දෙන බව පවසා  දැන්විමක් පල කර තිබු අතර ඒ අනුව මාර්තු 9වනදින පැමිණ ඇති සැකකරු සහ තවත් අයෙකු  පසුදින  එන බව පවසා පිටව ගොස් ඇත.
 
එම අවස්ථාවේ ඇය පමණක් නිවසේ සිට ඇති අතර පසුව පොලිසියට ලැබුන දුර කතන ඇමතුමක් අනුව පොලිසිය ගොස් ගුරුවරිය රෝහල් ගත කර ඇත.
 
මේ සම්බන්ධයෙන් මෙයට පෙර එක් සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.එම සැකකරු සන්තකයේ තිබි කොල්ලකන ලද දේපලවලින් කොටසක් සොයාගෙන ඇති අතර මෙම සැකකරු සන්තකයේද තිබි ජංගම දුර කතනයක් සහ ලැප් ටොප් පරිගණකයක්ද සොයාගෙන ඇත.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතාගේ උපදෙස් පරිදි ගාල්ල පොලිසියේ පොලිස් පරික්ෂක රොහාන් ආලෝක සැරයන්වරුන්වන  බුද්ධික(3683) පුෂ්ප කුමාර(4500) කොස්තාපල් කණිෂ්ක(68083) යන මහත්වරුන් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා අක්මිමණ පොලිසියට බාර දි ඇති අතර සැකකරු අද(11) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
 
 
 
පනස් පස් හැවිරිදි ගුරුවරියක් දූෂණය කොට නිවසේ තිබු රන් භාණ්ඩද ඇය පැළඳ සිටි රන් භාණ්ඩද ඇතුලු දේපල කොල්ලකා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු 24 වනදින දක්වා රිමාන්ඩ් බන්ධානාගාර ගත කොට එදින හඳුනා ගැනිමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස  ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා නියෝග කලේය.

 

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැලිගම පොලිස් වසමේ මිදිගම පදිංචි 28 හැවිරිදි දෙදරු පියෙකි.



අදහස් (3)

ගුරුවරියක් සමූහ දූෂණය කළ සිද්ධියක එක් සැකකරුවෙක් අත්අඩංගුවට

Champa Monday, 11 May 2020 01:59 PM

කිසි කතාවක් නැහැ අත්අඩංගුවෙන් මිදී පැනලා යන්න හැදුවා කියල වෙඩි තියන්න ඕනේ. එන්න එන්නම රට අනාරක්ෂිත වෙනවා. තව තැනක තරුණ මවකුත් මේ විදිහටම සමූහයක් විසින් අපරාධයක් කරලා තිබුන. මහා ලොකුවට නම් කිව්වේ කොහොමද?

:       0       0

සෙනෙවිරත්න Monday, 11 May 2020 02:17 PM

මේ අයට ලැබෙන දඬුවම මොකක්ද? ජීවිත කාලයක් උසාවිගානෙ යාම, මුදල් කලු කබා කාරයන්ට දීම, ඒ ගැන ඉත සිතින් සතුට ප්‍රකාශ කරමු

:       0       0

Kumar Monday, 11 May 2020 03:51 PM

මේ සැකකරු රණවිරුවෙක්නේ. බන්ධනාගාර ගතවී ටික දිනකින් රණවිරුවෙක් කියලා නිදහස් කරනවා. මම ඉන්න රටේ ස්ත්‍රී දුෂණය කරන රණවිරුවනුත් වසර 15ක් පමණ සිරගත කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 31 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 827 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site