(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංස )
ගිරාදුරුකෝට්ට තෙල්දෙනියාය ප්‍රදේශයේ කංසා වැටලීමට ගිය ගිරාදුරුකෝට්ට පොලිසියේ නිලධාරීන් පිරිසකට ඊයේ (16) රාත්‍රී මැර පිරිසක් පහර දීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා මහියංගණ රෝහලට ඇතුළත් කර තිබේ.
ගිරාදුරුකෝට්ට පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මෙසේ තුවාල ලබා සිටිති .
පොලිස් නිලධාරීන් පිරිසට පස්දෙනෙකු ගෙන් සමන්විත මැර පිරිසක් පහරදී ඇති අතර ,එහි ප්‍රධාන සැකකරු පොල්ලක්, කැත්තක් සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd