(ඩබ්. ඒ. පියතිලක)
ගිරිතලේ වැවේ පරණ සොරොව්ව අසල තිබී ටී - 56 ගිනිඅවි සඳහා භාවිතා කරන මැගසින් 3ක් සහ ජීව උණ්ඩ 22 ක් ධීවරයකුගෙන් ලද තොරතුරක් අනුව අද (8) සොයා ගත් බව මින්නේරිය පොලිසිය කියයි.
මිනනේරිය පොලිස් වසමේ ගිරිතලේ වැවේ පරණ සොරොව්ව අසල ජලය සිදී යෑමත් සමඟ ධීවරයකු දැක ඒ බව පොලිසියට දැනුම් දී තිබේ.
පසුව මින්නේරිය පොලිසිය එම ස්ථානයට ගොස් පරික්ෂා කිරිමේ දී මෙම ගිනි අවි සඳහා භාවිතා කරන උණ්ඩ සහ මැගසින් හමුවී ඇත.
කිසියම් පුද්ගලයකු සන්තකයේ තිබී වැවට ගෙනවිත් දමා ඇතැයි පොලිසිය සැක පළ කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd