(නිමල් ජයරත්න)
මහවැලි බී කලාපයේ ගම්මාන කිහිපයකට අද අලුයම කඩා වැදුණු වන අලි රංචුවක් දේපොළ හා වගා රැසක් විනාශ කර තිබේ.
මනම්පිටිය,වැලිකන්ද,මදුරංගල, ප්‍රදේශයන්හි නිවාස කිහිපයක් බිඳ දමා , නිවෙස්හි තිබු බිත්තර වී ද කා දමා තිබු අතර වාහනවලටද හානි කර ඇතැයි ගැමියෝ කියති.
එමෙන්ම දිඹුලාගල මඟුල් දමන , නැගෙනහිර මනම්පිටිය, දළුකාන, පැලෑටියාව , ඇල්ලේවැව ඇතුළු ගම්මාන රැසකට මෙම වන අලින්ගේ බලපෑම හේතුවෙන් විනාශ රැසක් සිදු වී තිබේ. ගතවු සතියේදී වන අලි ප්‍රහාරවලින් දිඹුලාගල කොට්ඨාසයේ පමණක් පුද්ගලයින් සිව් දෙනකු මිය ගොස් ඇතැයිද ඔවුහු කියති.
දමනහේන වැව,රත්මල්දෙණිය,බඳනාගල සහ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ආසන්නයේදී මෙම මරණ සිදු වී තිබේ.






COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.