ගම්පහ අවට ප්‍රදේශවල මේ දිනවල සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියන් 110ක් ද, සුදු කැකුළු කිලෝවක් රුපියල් 100 ක ද, වන බව පාරිභොගිකයෝ පවසති.
මේ අන්දමට සහල් ඉහළ මිල ඉහළ යාම නිසා සහල් අලෙවියේ අඩුවක්ද පවතින බව වෙළෙන්දෝ පවසති.
සහල් මිල ඉහළ යාම සමග පාරිභෝගික ජනතාව පාන්, මඤ්ඤොක්කා සහ බතල වැනි දෑ ආහාරයට ගැනීමට යොමුවීම මත ඉකුත් සති අන්තයේදී ගම්පහ පොදු වෙළෙඳපොලේ මඤ්ඤොක්කා කිලෝවක් රුපියල් 100 ලෙස ද බතල කිලෝවක මිල රුපියල් 120 දක්වා ඉහළ ගොස් තිබුණි. සහල් මිල ඉහළ යාම නිසා පිටි සහ අල වර්ග වැඩි වශයෙන් අලෙවි වන බව කඩහිමියෝ පවසති.


COMMENTS
එහෙනම් කොස්කොල කමු (නි)
හිමාල්, දැන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇවිල්ල කරයි. බලාගෙන ඉන්න. ඒගොල්ලන්ට කොරන්න බැරි නිසා නේද ප්‍රසිද්ධියේම වෙළෙන්ඳා වැඩි මිල ප්‍රදර්ශනය කරලා තිබෙන්නේ. ගම්පහ පමණක් නොවෙයි මුළු රටේම සහල් මිල වැඩියි. (නි)
මිල අඩුකළාට හැමදාම හැම වෙළෙන්දම බැලුවේ තමන්ගේ වාසිය විතරයි (නි)
පාන් පිටි භාවිතය වැඩි කරන්න කරන උප්පරවැටියක් විදිහටයි මම මේක දකින්නේ. ඒක රට තුළ සුක්ෂමව කෙරෙන වැඩපිළිවලක්.(ම)
වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කරන්න.මෙන්න සාක්ෂි. (අ)