IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගම්පහ, මිරිස්වත්ත පවුලක් ස්වයං නිරෝධායනයට

(තිලකරත්න දිසානායක)  

කටුනායක ගුවන් තොටුපලේ පිරිසිදු කරන්නියක ලෙස කටයුතු කළ තැනැත්තියක් කොරෝනා ආසාදිත තත්ත්වයෙන් පසුවන බව සොයා ගැනීමෙන් පසුව ගුවන් තොටුපොල ආපන ශාලාවෙහි සේවය කරන ගම්පහ, මිරිස්වත්ත පදිංචි 26 හැවිරිදි තැනැත්තියක්ද ස්වයං නිරෝධානයට ලක් කිරීමට පියවර ගෙන ඇත. 

කොරෝනා ආසාදිත තත්ත්වයෙන් පසුවන තැනැත්තිය ආපන ශාලාවට ද  ගොස් ඇති බැවින් ආපන ශාලාවෙහි සේවය කළ 16 දෙනා ස්වයං නිරෝධායනයට ලක් කිරීම යටතේ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතාගේ උපදෙස් මත ගම්පහ , මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි මෙම  තැනැත්තිය සමග ඇයගේ මව,පියා සහ සොහොයුරා මෙලෙස එම අය පදිංචි නිවස තුල දින 14 ක කාලයක් නිරෝධානය කිරීමට අද (8) පියවර ගනු ලැබීය. 

මිරිස්වත්ත ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා විසින් මෙම පවුල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගනු ලැබූ අතර පළමුව දින 14 ක් සහ යළි දැනුම් දීමක් කරන තුරු නිවසින් බැහැරව නොයන ලෙස සහ අසල්වාසීන් ඇසුරු නොකරන ලෙසට දැනුවත් කරමින් වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමටද කටයුතු කළේය.
 



අදහස් (1)

ගම්පහ, මිරිස්වත්ත පවුලක් ස්වයං නිරෝධායනයට

mahinda Wednesday, 08 April 2020 10:24 AM

ආසාධිතනම් බෙහෙත් දෙන්න ඕනේනේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site