IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගම්පහ නගර සභාවෙන් කොරෝනා මර්දන බලකායක්


(තිලකරත්න දිසානායක)

පවතින කොරෝනා වසංගතයෙන් ජනතාව බේරා ගැනීම සඳහා ගම්පහ මහ නගර සභාව මගින් කොරෝනා මර්දනය කිරීමේ බලකායක් ආරම්භ කළ බව පුරපති එරංග සේනානායක මහතා සදහන් කළේය.

ජනතාව දැනුවත් කිරීම තුලින් රෝගයට ගොදුරු නොවී සිටීම පිනිස අවශ්‍ය උපදෙස් ලබා දීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මේ යටතේ සිදු කෙරෙන බව පුරපතිවරයා පැවසීය.

මෙම බලකායට නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනෙකුගේ අධීක්ෂණය මත සාමාජිකයින් 10 දෙනෙකු අයත් වන අතර මෙම පිරිස විසින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගනු ලබන බවද හෙතෙම සඳහන් කළේය. 

බලකායෙහි සාමාජිකයින් ජනතාව අතරට යමින් ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම , නිසියාකාරයෙන් මුව ආවරණ පැළදීම පිළිබඳව දැනුවත් කිරීම , මීටරයකට වඩා දුරස්ථභාවය තබා ගනිමින් කටයුතු කිරීම , ජනතාව ගැවසෙන ස්ථාන නිතර විෂබීජහරණ කිරීම මෙන්ම අත් පත්‍රිකා බෙදාදීම සිදු කෙරෙන බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් නගර සභා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා පැවසීය. 

මෙම බලකායෙහි කටයුතු ලබන සදුදා ( 14 ) දිනයේ සිට ආරම්භ කිරීමට නගර සභාව කටයුතු යොදා ඇත. 
 

 

 

 

 

 



අදහස් (0)

ගම්පහ නගර සභාවෙන් කොරෝනා මර්දන බලකායක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site