දයා සරණ සංවර්ධන පදනම මගින් සංවිධාන කරනු ලැබූ වෛද්‍ය සායනයක්, අම්පාර දයා ඇපරල් ශ්‍රවණාගාරයේ දී අද (28) පැවැත්විණි.
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු දයා ගමගේ සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා විවිධ ප්‍රදේශ වලින් පැමිණි දෙදහසකට අධික පිරිසක් සහභාගී වූහ.
මේ අතර දෙහිඅත්තකණ්ඩිය සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ අතින් ජනතා අයිතියට පත් කැරිණි. නාමල්ගම 404 ඒ.ඩී.1 බැඳුම් ඇළ මාර්ගය, රුපියල් ලක්ෂ හයක පමණ වියදමින් නවීකරණය කරනු ලැබූ මානවාගම මාර්ගය ද අමාත්‍ය දයා ගමගේ මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd