(විනීතා එම් ගමගේ)
මෙරට ගැබිනි මව්වරුන් ගෙන 50% රක්ත හීනතාවයෙන් හා මන්දපෝෂණයෙන් පෙළෙතැයි සෞඛ්‍ය අංශයේ දත්තවලින් හෙළි වී ඇතැයි අයිතින් උදෙසා කාන්තාවෝ සංවිධානය කියයි.
දකුණු ආසියාවේ මන්දපෝෂණයෙන් පෙළෙන රටවල් අතර දෙවන තැනට පත්ව ඇත්තේ ද ශ්‍රී ලංකාව යැයි එම දත්ත හෙළි කරන බව එම සංවිධානය කියයි.
ගැබිණි මව්වරුන්ගේ රක්ත හීනතාව නිසා උපදින දරුවන් අතරින් 16% ක් නියමිත උපත් බර වන කිලෝ ග්‍රෑම් 2.5 කට වඩා බර අඩුවෙන් උපදින බව ද අයිතින් උදෙසා කාන්තාවෝ සංවිධානය ලෝක ළමා දිනය නිමිත්තෙන් අද (30) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් එහි සභාපතිනී සරෝජා සාවිත‍්‍රි පෝල්රාජ් මහත්මිය පැවැසුවාය.
ඉකුත් වසරේ සංඛ්‍යා දත්ත වලට අනුව වයස අවුරුදු 5ත් 17ත් අතර දරුවන්ගෙන් 51,249ක් කිසිදා පාසල් ගොස් නැතැයි පෙන්වා දුන් පෝලරාජ් මහත්මිය අධ්‍යාපනය දරුවන්ට සහනයක් නොව ආතතියක් හා භීතිකාවක් යැයි ද කීවාය
.
දරුවන්ගේ ළමා කාලය අහිමි කරන ළමා කාලයක් උදාවී ඇතිය පැවසු ඇය මෙරට පාසල් වලින් සියයට 74කට තවම කිසිදු සනීපාරක්ෂක පහසුකම් ලැබී නැතැයි ද කීවාය.
2025 දෙසැම්බර් මස 30
61
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගැබිනි මව්වරුන්ගෙන් සියයට පනහක් රක්තහීනතාවයෙන්-මන්දපෝෂණයෙන් පෙළෙනවා‘