(චමිල් රුපසිංහ)
මහනුවර දිස්ත්‍රීක්කයේ ගැබිණී මාතාවන් දහසකට අධික සංඛ්‍යාවක් සදහා ජීවන මාතෘ තිළිණ ප්‍රණාම හා අධ්‍යාත්මික උපහාර වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් අද (16) මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.
රසවින්දන වැඩසටහන් මෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ද මෙහිදී පැවැත්විණි.මීට අමතරව එම මව්වරුන් වෙනුවෙන් රුපියල් 3000ක් පමණ වටිනා වියළි සලාක සහ පෝෂණ ද්‍රව්‍ය බෙදාදීමක් ද සිදු කෙරිණි.





COMMENTS
මේ සහන මල්ලේ ළදරු කිරිපිටි තිබේදැයි බලන්න. දසකයකට පමණ පෙර නෙස්ලේ සමාගම දියත්කළ ළදරු පිටි ව්‍යාප්ත කිරීමේ මෙහෙයුම් බොහෝ දෙනා බැලුවේ පිළිකුල් ඇසින්, ඔවුන් එය හැදින්වූයේ ළදරුවන්ගේ මාරයා ගෙන දෙන්නක් ලෙසයි. එක් චෝදනාවක් වූයේ අත දරුවන් ළදරු පිටිවල රස බැලූ විගස මව් කිරි ප්‍රතික්ෂේප කිරීමට පෙළඹීමයි. මේ ගැන බොහො දේ අන්තර්ජාලයෙන් කියැවිය හැකියී.