(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
විදේශීය රටවල නිෂ්පාදිත ගිනි අවි තුනක් හා දේශීයව එකලස් කළ බවට සැලකෙන ගිනි අවියක් බලපත්‍ර නැතිව සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වතු මුරකරුවකු ගම්පහ කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය මගින් අද (09) සවස අත්අඩංගුවට ගෙන මීරිගම පොලිස් ස්ථානයට බාරදෙනු ලැබීය.
ගම්පහ කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව මීරිගම මදුරුපිටිය, ලෝලුවාගොඩ ප්‍රදේශයේ පිහිටි අක්කර 60 ක් පමණ විශාල වත්තක මුරකරු සන්තකයේ තිබී මෙම බලපත්‍ර නොමැති ගිනි අවි 4 අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විදේශිය රටක නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 වර්ගයේ පතරොම් තුවක්කුවක්, විදේශීය රටක නිෂ්පාදිත මැෂින් කොටස හා බැරලය සහිත බද කොටස නොමැති ගිනි අවියක් හා මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනිඅවියකි.
මෙම ගිනි අවි අගල් අටක් පමණ විෂ්කම්භය ඇති ප්ලාස්ටික් බටයක අසුරා දෙපසට මූඩි සවිකර ආරක්ෂිතව තබා තිබූ බවද පොලිසිය සඳහන් කරයි.
මෙම ගිනි අවි වන සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගත්තාද නැතහොත් කිසියම් අපරාධයක් කිරීම සඳහා යොදාගෙන ඇතැයිද හෙළිකර ගැනීමට පරීක්ෂණ පැවැත්වේ.
2025 නොවැම්බර් මස 21
125
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
205
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1069
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගිනි අවි 4 ක් සමඟ වතු මුරකරුවෙකු අත්අඩංගුවට
රවින් Thursday, 10 October 2019 05:21 AM
වත්තක්නම් නිත්‍යානුකුල ගිනි අවි තබාගත හැකිනේ . එතකොට ඇයි මේ නීති විරෝධී අවි? කාගේ හරි උවමනා එපා කමක් පිරිමහලා. හාරා අවිස්සුවොත් බළලා එලියට පනියි.