(දයාරත්න ඇඹෝගම)
කැකිරාව, කසාගල මාර්ගයේ බොරළු වළක සඟවා තිබූ තුවක්කු දෙකක් සහ අඩි දෙක හමාරක් දිගැති කඩුවක් අද(14) සොයා ගත්බව කැකිරාව පොලිසිය කියයි.
කැකිරාව පොලිසියේ නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයේ කළ මෙහෙයුමක් අතරතුරදී මෙම අවි ආයුධ සොයා ගෙන තිබුණි.
පොහොර උරයක් තුළ මෙම තුවක්කු සහ කඩුව තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මෙම ගිනි අවි මෙරට නිපදවන ලද ඒවා බවට හඳුනාගෙන ඇත.
ගිනි අවි සැඟවූවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd