(රංජිත් රාජපක්ෂ )
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ගිනි අවි රැසක් සමග සැකකරුවන් දෙදෙනෙකු හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
ගිනිගත්හේන පිටකන්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 – 31 වයස් කාණ්ඩ වල පසුවන සැකකරුවන් දෙදෙනාගේ නිවසේ ති ගල් කටස් වර්ගයේ ගිනි අවි දෙකක් , ගිනි අවි සදහා යොදන යකඩ බැරල් දෙකක් , අවි සදහා භාවිතා කරන යකඩ බැරල් දෙකක් , බදින තුවක්කුවක් අත්අඩංගුවට ගත් බව සැකකරුවන් අත්අඩංගුවට ගත් හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියේය.
සැකකරුවන් කළුගල සහ සප්ත කන්‍යා රක්ෂිත වල සැරිසරන වන සතුන් දඩයම් කර මස් කර අලෙවි කිරිමේ ජාවාරමේ කාලයක් තිස්සේ නිරතව සිටි අය බව වැටලිම සිදු කළ පොලිස් නිලධාරින් පැවසීය.
සැකකරුවන් ගිනිගත්හේන ප්‍රදේශයේ දඩ මස් අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටින බවට ලද තොරතුරක් මත හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර සැකකරුවන් සහ ගිනි අවි තොගය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

2025 ඔක්තෝබර් මස 08
1590
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1380
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගිනි අවි රැසක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට