
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
ගිනි අවි තුනක්, උණ්ඩ 7ක් සහ වෙඩිබෙහෙත් ග්‍රෑම් 43 ක් ළඟ තබාගත් පුද්ගලයෙකුට රුපියල් 45,000 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (21) නියෝග කළේය.
පින්නවල පොලිස් බල ප්‍රදේශයට අයත් මෙගොඩ වලේබොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙලෙස දඩ නියම විය.
මොහු ළඟ තිබී ඇමරිකාවේ නිෂ්පාදිත ගිනි අවියක් සහ කොටන තුවක්කු දෙකක් මෙලෙස අත්අඩංගුවට ගැණිනි.
ගිනි අවි සමග මොහු ඊයේ (20) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස දඩ නියම කෙරිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.