(ඩී.ජී.සුගතපාල)
තල්පෙ මිහිරිපැන්න ප්‍රදේශයේ නිවසක සඟවා තිබු මිලි මිටර් 9 උණ්ඩ යෙදිය හැකි මෙරට සාදන ලද ගිනි අවි දෙකක් සහ කඩු දෙකක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තල්පෙ මිහිරිපැන්න පදිංචි 24 හැවිරිදි ධිවර කාර්මිකයෙකි.
ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දිනේශ් නිශාන්ත ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක හරේන්ද්‍ර ගුණරත්න මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතිව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd