
(ඩී.ජී.සුගතපාල)
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් දික්වැල්ල පොලිස් වසමේ ස්ථාන කිහිපයකදි සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදි ගිනි අවි හා උණ්ඩ සමඟ පුද්ගලයින් තිදෙනෙකු අද (15) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.
දික්වැල්ල කොන්දෙණිය පදිංචි පුද්ගලයෙකු සන්තකයේ තිබි විදේශිය රටක නිෂ්පාදිත රිවෝලවරයක් සහ මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ පහක්ද නාකුළුගමුව ගලගම බටහිර ප්‍රදේශයේ පුද්ගලයෙකු සන්තකයේ තිබී රිවෝලවරයක්ද , වලස්ගල පස්වන පටුමගේ පදිංචි පුද්ගලයෙකු සන්තකයේ තිබී බෝර 12 ගිනි අවියක් මෙසේ සොයාගෙන ඇත.
සැකකරුවන්ගේ නිවෙස්වල සඟවා තිබියදි මෙම ගිනි අවි සහඋණ්ඩ සොයාගෙන ඇති අතර සැකකරුවන් හෙට මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා දික්වැල්ල පොලිසියට බාරදි තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1587
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගිනි අවි - උණ්ඩ සමඟ තිදෙනෙක් අත්අඩංගුවට