(ඩී.කේ.රත්න සහ විජේරත්න රත්නායක)
ඇතිමලේ කොටියාගල කම්මල්යාය ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ පුද්ගලයෙකු අද (15) අත්අඩංගුවට ගෙන ඇතැයි ඇතිමලේ පොලිසිය පවසයි.
කොටියාගල කම්මල්යාය ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් මෙම ගිනි අවියත් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
කොටියාගල කම්මල්යාය ප්‍රදේශයේ පුද්ගලයෙක් ගිනිඅවියක් භාවිතා කරන බවට ඇතිමලේ පොලිසියට ලැබුණු තොරතුරක් මත ඇතිමලේ පොලිසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.