(ඩී.කේ.රත්න)
මොනරාගල සුදුවතුරආර ප‍්‍රදේශයේදී ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද (19) අත්අඩංගුවට ගෙන ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ සුදුවතුරආර කුඹුක්කන මොනරාගල යන ලිපිනයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.
මොනරාගල පොලීසියේ නිලධාරීන් පිරිසක් කුඹුකන සුදුවතුරආර ප‍්‍රදේශයේ කළ විශේෂ වැටලීමකදී මෙම ගිනිඅවියත් සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා මොනරාගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd