(දිලීප් ජයසේකර)
තංගල්ල බෙලිඅත්ත පාරේ නලගම ප්‍රදේශයේදී මෙරට නිශ්පාදිත ගිණි අවියක් සමඟ පුද්ගලයෙකු තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලස අත්අඩංගුවට පත් වුයේ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.ඔහු ගල්කටස් වර්ගයේ ගිණි අවිය ඉනේ ගසාගෙන යමින් සිටියදී නලගම ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට පත් පුද්ගලයා ප්‍රදේශයේ පොලියට මුදල් ලබා දෙන අයෙකු බවත් ආරක්ෂාව සදහා මෙම ගිණි අවිය භාවිතා කල බවත් පොලිස් ප්‍රශ්ණ කිරීමේදි පවසා තිබේ.අත්අඩංගුවට පත් සැකකරු හා ගිණි අවිය වැඩිදුර විමර්ෂණ සදහා තංගල්ල මුලස්ථාන පොලීසියට බාරදී ඇති අතර සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.