(අනීෂා මානගේ)
ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් සහ ජීව පතුරොම් දෙකක් සමඟ අයකු අද(03) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු තංගල්ල අලුත්ගොඩ ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි අයකු බව නිලධාරීහු කියති.
සැකකරු පදිංචි නිවෙසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ ජීව පතුරොම් දෙකක් පොලිස් නිලධාරීහු සොයාගත්හ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ නිර්මාණයක් කරලා තියෙන්නේ... ප්‍රමිතියෙන් ඉහළ එකක් බව පේනවා. නමුත් වැඩේ නීති විරෝධියි.