( රොමේෂ් මධුෂංඛ)
වව්නියාව නෙලුක්කුලම් ප්‍රදේශයේදී ගෝන මස් කිලෝ 26 ක් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කැබ් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිස් දූෂණ මර්ධන ඒකකය පවසයි.
වව්නියාව පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් නෙලුක්කුලම් ප්‍රදේශයේ වැටලීමක් සිදු කර අදාල ගෝනමස් තොගය ප්‍රවාහනය කරමින් තිබූ කැබු රථයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන කැබ් රථය පරික්ෂා කිරීමේදී එම ගෝන මස් තොගය සඟවා තිබී සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් කැබ් රථය ආහාර රැගෙන යන කැබ් රථයක් වන අතර ආහාර රැගෙන යන මුවාවෙන් කාලයක සිට මෙම මස් ජාවාරම් සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd