(එස් .ඩි .කොඩිකාර )
මෙරට නිෂ්පාදිත නීතිවිරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවකු අද (15) පිටබැද්දර, තැනිපිටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිටබැද්දර පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සියඹලාගොඩ, තැනිපිට හේන ප්‍රදේශයේ පදිංචි (33) හැවිරිදි පුද්ගලයෙකි.
පිටබැද්දර පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත සැකකරුගේ නිවසේ සඟවා තිබියදී මෙම ගිනි අවිය අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ගිනි අවිය යොදාගෙන වන සතුන් දඩයම් කරන බවට මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd