IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගිනිඅවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

(ප්‍රසාද් රුක්මල් )

බදුල්ල කොස්ගොල්ල ප්‍රදේශයේ නිවසක මුලුතැන්ගේ දුම්මැස්සක සගවා තිබූ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන වර්ගයේ තුවක්කුවක් සමඟ සැකපිට පින්තාරුකරුවෙකු අද(27) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසියේ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්ගොල්ල මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පින්තාරුකරුවෙකු යැයි පොලිසිය කීය .

කොරෝනා වයිරසය පැතිර යාම වැලක්වීම සදහා රජය මගින් ඇදිරි නීතිය පනවා තිබියදී මොහු හොර රහසේ වනරක්ෂිත වල සිටින වනසතුන් දඩයම් කිරීම සදහා මෙසේ මෙම ගිනිඅවිය නිවසේ මුලුතැන්ගේ දුම්මැස්සේ සගවා තබන්නට ඇතැයි පොලිසිය සැකකරයි .

ඌව පලාත භාර නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ.කරවිට ,බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත ,සහකාර පොලිස් අධිකාරි 1 ප්‍රදීප් වීරසේකර,මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වේහිත දේශප්‍රිය යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ උපපොලිස් පරික්ෂක අසංක මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .



අදහස් (0)

ගිනිඅවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site